hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 දෙසැම්‍බර් 12, පෙ.ව. 4:51



උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.