hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 4:28



දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා.

උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.