hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 4:55



දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බව මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් සඳහන් කරනවා.

මන්නාරම සිට පුත්තලම දක්වාත් මාතර සිට හම්බන්තොට දක්වාත් සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැකි බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.