hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජනවාරි 28, ප.ව. 6:55



ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ අදාළ මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙනවා.

මේ වනවිටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින්නේනම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අඩුපීඩන කලාපය ලබන 31 වන දින වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එය පෙබරවාරි මස පළමුවන දින මෙරට නැගෙනහිර වෙරළ දෙසට ළගාවනු ඇති බවට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරයි.