hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 23, ප.ව. 4:28



3868-2024 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවරද රටවල් 74 ක ගිහි- පැවිදි නියෝජිතයන්ගේ සම්භාවනීය සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත්ව තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්විණ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා සමග සියයකට වඩා මහාසංඝරත්නය සහභාගිවු අතර, ස්විට්සර්ලන්තය නියෝජනය කරන්නට ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට ආරාධනා ලැබුණු අතර,පුංශය නියෝජනය කරමින් පුජ්‍යපාද පරවාහැර චන්ද්‍ර රතන නාහිමියන් ද එංගලන්තය නියෝජනය කරමින් පුජ්‍යපාද තවලම බන්දුල මාහිමියන් ද ඉන්දියාව නියෝජනය කරමින් මහාබෝධිසමාගමේ නියෝජ්‍ය ලේකම් සුමිත්තානන්ද හිමියන්ද සහභාගිවුවා.

පුජ්‍යපාද අකුරැටියේ නන්ද නාහිමියන් හා පුජ්‍යපාද ආචාර්ය තම්පලාවෙල ධම්මරතන මාහිමියන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සම්බන්ධීකරණය සිදු කළා.