2026 ජනවාරි 12, පෙ.ව. 10:51
දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් ආරම්භ වූ “හරිනි ගෝ හෝම්” විරෝධතා ව්‍යාපාරය අද (12) ආරම්භ වී ඇත.
මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ වර්තමාන ආණ්ඩුව විසින් ගෙන එනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවැත්වීම සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමයි.
ඊයේ (11) මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී විමල් වීරවංශ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ හමුවී මෙම ප්‍රතිසංස්කරණවලට එරෙහිව තම සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කළේය. එහිදී ඔහු රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දරුවන්ට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ ලිඛිත සංදේශයක්ද භාර දුන්නේය.
විමල් වීරවංශ මහතා මෙහිදී පැවසුවේ,
“අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නම්, එය සැලසුම්ගතව නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර, සාර්ථක වුවහොත් පමණක් දිවයින පුරා ව්‍යාප්ත කළ යුතුයි. නමුත් මෙම ප්‍රතිසංස්කරණවල සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්හි වැරදි තිබෙනවා. රටේ සභ්‍යත්වය, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ සැලකිල්ලක් නැහැ. ඉතිහාසය සහ බුද්ධාගම විෂයන් පහතට දමා තිබෙනවා. එහෙම වුණොත් දරුවන් අනාගමික වෙනවා. රට, ආගම, ජාතිය ගැන හැඟීමක් නැති පරම්පරාවක් බිහි වෙනවා. ලිංගික අධ්‍යාපනයට අපි විරුද්ධ නැහැ, නමුත් මෙහිදී සිදුවන්නේ සමලිංගික ක්‍රියාකාරකම්වලට දරුවන් පුරුදු කිරීමයි. මොඩියුල් ක්‍රමයෙන් ගුරුවරුන්ට විශාල පීඩනයක් එල්ල වෙනවා.
ඇතැම් දරුවන්ට අසාධාරණයන් සිදුවිය හැකියි. මෙය නැවැත්විය යුතුයි, නැත්නම් රටට මහා විනාශයක් සිදුවෙනවා. හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට අපට විරුද්ධත්වයක් නැහැ, නමුත් ඇය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයි. එය සිදුවන තුරු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරනවා. දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ”
2026 ජනවාරි 12, ප.ව. 12:46
2026 ජනවාරි 12, ප.ව. 12:31
2026 ජනවාරි 12, ප.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 11:46
2026 ජනවාරි 12, පෙ.ව. 11:44
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26