hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2022 ජූලි 19, ප.ව. 3:28



හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීමේදී සහය දෙන්නේ කාටද යන්න ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ එකමුතුව තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්‍ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබෙනවා.

බොරැල්ල, කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේදී මේවන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

එම පක්‍ෂ නියෝජිතයන් ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය දක්වන බව එහිදී ප්‍රකාශ කළා.

විමල් වීරවංශ මහතා පැවසූවේ ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත් වෙමින් ඩලස් අලහප්පෙරුම මහතාට තරඟ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ විපක්ෂ නායකවරයාට ස්තූති වන්ත වන බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: