hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:05



ලෝකයේ හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන බ්‍රිතාත්‍යයේ “ටයිම් අවුට්” සඟරාව නිකුත් කළ නවතම අනාවරණයට අනුව සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන සැලකිල්ලට ගෙන ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම සිට පෞරාණික නටබුන් සහ වනජීවී සෆාරි යනාදියද ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරා ගැනීමට හේතු වී ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමට සෘතුමය චමත්කාරය, සංස්කෘතික සිදුවීම් සහ ඔක්තෝබර් මාසයේදී විශේෂයෙන් භුක්ති විඳිය හැකි අත්දැකීම් යනාදිය පදනම් කරගෙන ඇත.

ඒ අනුව මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට ශ්‍රී ලංකාව, දෙවන ස්ථානයට තුර්කිය සහ තෙවන ස්ථානයට ⁣අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ලෙස නම් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: