hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 මැයි 25, ප.ව. 9:02



නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන සංවිධානවල හවුල්කරුවන් සමග සම්බන්ධ වී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීමට ශ්‍රී ලංකාව කඩිනමින් කටයුතු කළ යුතු බව ලෝක බැංකුව සඳහන් කළා.

ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර තිබෙන ඇතැම් මූල්‍ය ව්‍යාපෘති නැවත සමාලෝචනය කර ගොවීන් සහ දිළිඳු ජනතාව සඳහා අවශ්‍ය සහන ලබාදීමට පියවර ගෙන ඇති බවයි ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.