hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 2:20



ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබූ රසායනික අපද්‍රව්‍ය පමුණුගම ප්‍රදේශයේ තවමත් ගබඩා කර ඇති බවත් මෙම ද්‍රව්‍ය හැමිල්ටන් ඇළට එක්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් පමුණුගම මීගමුව කලාපය භාර මීසම් පාලක සාගර හෙට්ටිආරච්චි පියතුමා පැවසුවා.

පමුණුගම කැපුන්ගොඩ ඇතැම් පදිංචිකරුවන්ට විවිධ චර්ම රෝග මෙන්ම හඳුනානොගත් රෝග පවා වැළඳී තිබෙන බව පැවසූ සාගර හෙට්ටිආරච්චි පියතුමා නීතියට අනුව මෙම නැවෙන් ලැබෙන වන්දි මුදල් ඔවුන්ටද ලැබිය යුතු බව සඳහන් කළා.

මෙම ප්‍රදේශවල පවුල් පන්දාහකට අධික පිරිසක් පදිංචිව සිටින අතර සිදුවන මරණ පිළිබඳව සැකයක් ඇති වන බවද සාගර හෙට්ටිආරච්චි පියතුමා කියා සිටියා.