hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 ජූලි 01, ප.ව. 8:21



අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගැනුනා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනය සිදු කෙරුණු අතර මෙවර ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කර ඇත.

රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා රුපියල් දෙකකින් අඩු වී ඇති අතර අධිවේගී මාර්ග ඇතුළු සියලුම බස් රථවලට අදාළ නව ගාස්තු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: