hit counter

2025 මාර්තු මස 14 වන සිකුරාදා

2023 අගෝස්‍තු 14, ප.ව. 7:16



සමගී ජන බල වේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුල විශාල බෙදීමක් සිදුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සමබන්ධයෙන්.

පාර්ලිමේන්තු කණ්ඩායමේ වැඩි දෙනෙකුගේ මතය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදී ඔහුව ජනාධිපති කරවිය යුතු බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්කල යුතුය යන මතයේ සිටින්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසක් වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කලයුතු බවට ඉල්ලන පිරිස පෙන්වා දෙන්නේ යම් ලෙසකින් ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණ කළහොත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත්කරන බවයි.

එහෙත් එම ඉල්ලීමට රාජිත සේනාරත්න,කුමාර වෙල්ගම සහ සජබට සහය දෙන සුළු පක්ෂ අකමැති බවද වාර්තාවේ.

පක්ෂයේ වැඩිදෙනා ඉල්ලන මෙම ඉල්ලීම නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි අර්බුධයකට ලක්ව සිටින බවද ඉහත ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි සජබ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විශේෂ සාකච්චාවක් පැවති බව අපි මිට පෙර වාර්තා කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: