hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූලි 24, පෙ.ව. 10:19



අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සංවිධායක ධූරය දැරූ එක්සත් ජාතික පක්ෂ වත්තල ආසනයේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ මහතා පත්කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය පසුගියදා වත්තලදී පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේදී ඔහුට ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අදාළ මන්ත්‍රීවරයා මීට දින කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන පොහොට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු මුණ ගැසී පොහොට්ටුව සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බවට පොරොන්දු වී සිටි බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: