2024 මැයි 27, පෙ.ව. 11:14
රජයේ ඉඩමක් කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් අත්පත් කර ගන්නා බවට වූ පැමිණිල්ල පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (26) එම ස්ථානයට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු තම ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාත්මකව චෝදනා කිරීමත් සමඟ එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බව සඳහන්.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට ඇති අක්කර 10 ක ඉඩමට ඇතුළුවීම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තහනම් කර තිබියදී කිසියම් පිරිසක් ඉඩම වටා කම්බි ගැසීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.
මේ අතර, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එම ඉඩමට හිමිකම් කියමින් එම ඉඩම ලුණු කර්මාන්තයෙන් පසු අස්වැන්න ගබඩා කර ගැනීමට ලබා දෙන ලෙස බලකරමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරත විය
මේ සම්බන්ධයෙන්, පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්ගෙන් කළ විමසීමකදී ඔහු පලකළේ මෙවන් අදහසක්.
“මෙම ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් තම කාර්යාලයෙන් සිට රාජකාරි කළ යුතුයි, ප්‍රාදේශීය ලේඛම් වරයා එම ස්ථානයට පැමිණීමට කිසිම අවශ්‍යතාවක් නැහැ, ඔහුට කරන්න තියෙන්නේ නිලධාරීන් එම ස්ථානයට යැවීම පමණයි.”
ප්‍රාදේශීය ලේකම් කොහොමද ඉරිදා රාජකාරි කරන්නේ. එයා ඉන්න ඕන සදුදා.ඒ තියෙද්දී ප්‍රාදේශීය ලේකම් ඉඩම් ජාවාරම්කරු එක්ක එතැන්ට ඇවිත් කියලා මට ආරංචි වුණාට පස්සේ තමයි මම ආවේ. මම එයාට තර්ජනය කළේ නැහැ.නමුත් එතැන යම් සිදුවිමක් වුණා. මේ ඉඩම පුත්තලමේ අපේ මිනිස්සුන්ට අයිති ඉඩමක්. ඒක කාටවත් දෙන්න බැහැ
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18