hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 8:49



නව වසර සඳහා වන පළමු කැබිනට් මණ්ඩල හමුව ලබන සඳුදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව වසරේ වැඩපිළිවෙල කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

මේ සඳහා සහභාගී වන ලෙස සියලු කැබිනට් ඇමැතිවරුන්ට අරාධනා කර ඇති අතර විදෙස් සංචාර සඳහා එක්වූ ඇමතිවරුන්ද මීට සහභාගී වීම සඳහා ඊට පෙර දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළා.

මේ වසර සඳහා පැවති අවසන් කැබිනට් මණ්ඩල හමුව පසුගිය දෙසැම්බර් 18 වන දින පැවති අතර නත්තල් නිවාඩුව නිසා පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුව නොකැදැවීමට කටයුතු කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: