hit counter

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

2025 අප්‍රේල් 09, පෙ.ව. 9:09



රක්ෂිත බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව වෙත රැගෙන ආ චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිය අමතමින් පවසා සිටියේ තමා සිරගත කිරීම තුලින් නිහඬ කිරීමට කිසිවිටෙකත් නොහැකි බවයි.

තමාට නීතිය ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සියළු දෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතු බව එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි කාලවකවානුවේදී ගල්කිස්ස ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක් බලෙන් පවරාගත් වර්තමාන ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සිටින බව එහිදී මන්ත්‍රීවරයා චෝදනාවක්ද සිදු කළේය.

ඔහු පවසන්නේ, ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු කට උත්තරයක් හෝ නඩු කටයුත්තක් තවමත් සිදුකර නොමැති බවයි.

එමෙන්ම, පොහොර සංස්ථාවේ සිටි කාලයේ රුපියල් මිලියන 70ක මුදල් වංචා කිරීමේ සිදුවීමට අදාලව වැඩතහනම් වුණු අමාත්‍යවරයෙකුද සිටින බවත්, ඒ සඳහා තවමත් කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් ඔහු සඳහන් කළා.

මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර තුල අධික රැඳවියන් පිරිසක් සිටින බවත්, එම තත්ත්ව සමනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව විසින් පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේ මෙවැනි පිරිස් පුනුරුත්තාපනයට ලක් කර යහපත්ව සමාජගත කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, බන්ධනාගාර සේවය තුල දැඩි රැකියා පුරප්පාඩුවක් පවතින බවත්, තමා බන්ධනාගාර ගත වීම තුලින් මෙවැනි අඩුපාඩු සම්බන්ධයෙන් තමන්ට දැනුම්වත් වීමට හැකි වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: