2023 අගෝස්‍තු 14, ප.ව. 3:26
ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.එම්. මුෂාරෆ් සහ අශෝක් අබේසිංහ යන මහත්ම මහත්මීහු මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත්වුවා.
එම්.ඒ. සුමන්තිරන් මහතා ලේකම්වරයා ලෙසත්, හර්ෂණ රාජකරුණා මහතා සහකාර ලේකම්වරයා ලෙසත් පත් කෙරුණු අතර, භාණ්ඩාගාරික ලෙස පත්කෙරුණේ සාගර කාරියවසම් මහතායි.
ශ්‍රී ලංකා – එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය මෙම රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූවා.
රැස්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
02-05-25
02-05-25
01-05-25
01-05-25
28-04-25
28-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25