hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 නොවැම්‍බර් 28, පෙ.ව. 11:29



රට අන්ත අසරණ තත්වයකට වැටී තිබුණු මොහොතේදී සියලු දෙනා කැපවී මේ පාලනය ගෙන ඒමට  ඉදිරිපත් වුණේ හොරකම් දූෂණ කිරීමට ඉඩදී  ඇස් කන් පියාගෙන බලා සිටීමට නොවේ යැයි  හිටපු ක්‍රීඩා අමාත්‍ය, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28)  පැවසුවා.

දූෂණ වෙනුවෙන් තමා ඉදිරිපත් වූයේත් හරි තැන සිට ගත්තේත්  ඒ නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ක්‍රිකට් දූෂණ යට ගැසීම ගැන කණගාටුවන බවද ප්‍රකාශ කළා.

අනෙක් අයට විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කිරීම හොඳ නම් තමා සාකච්ඡා කිරීම වරදක් වන්නේ කෙසේදැයි  ඔහු ප්‍රශ්න කළා.

රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: