hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 12:39



පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භය තුල නිමල් ලන්සා,කාවින්ද ජයවර්ධන,උද්දික ප්‍රේමරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් ආගිය තොරතුරු කතාකරමින් සිටින අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභාගර්භයට ඇතුළු වුණා.

ඔවුන් සමග සිනාසෙමින් හිටපු ජාධිපතිවරයා ආසනය දෙසට යන විට ඒ අසලම ලලිත් එල්ලාවල,දයාසිරි ජයසේකර සහ උපුල් ගලප්පත්ති මන්ත්‍රීවරුන් ද කතාබහක නිරතවෙමින් සිටියා.

මෛත්‍රී එනු දුටු ලලිත් මදක් දොරකඩින් ඈත්වුණා.

“ආ ලලිත් කොහොමද”මෛත්‍රී ලලිත්ගේ පිටට තට්ටුවක් දමමින් විමසිය.ඊළගට සිටියේ දයාසිරි.ඔහුට මොනවත් නොකියා යෑමට මෛත්‍රීට නොහැකි වුණා.

“ආ දයා කොහොමද”මෛත්‍රී සිනාසෙමින් වඑහෙම ඇහුවා.

“කොහොමද සර්”දයාසිරිද සිනාසෙමින් කියා ගන්න දෙයක් නැතුව එහෙම කිවුවා.

මහ ලේකම් කමින් ඉවත් කල පසු දයාසිරිට මෛත්‍රී හමුවූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

‘පේනවා නේද ඒගොල්ලන්ගේ නායකතුමාට ගේම දෙන්නත් පුළුවන්,ගේම දිදී කතාකරන්නත් පුළුවන්,කතා කර කර ගේම දෙන්නත් පුළුවන්”අසල සිටි කාවින්ද, නිමල් ලන්සා දෙස බලමින් සිනාසෙමින් කිවුවා.

“ඒක තමයි හෙලිකොප්ටරයට කරපු දේම දයාසිරිටත් කළා”උපුල් ගලප්පත්ති එහෙම කියද්දී ලලිත් එල්ලාවල කිවේ”මොනවා උනත් මහින්ද මහත්තය නම් ඔච්චර කැත වැඩ කරන්නේ නෑ”කියලයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: