hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 9:40



ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල නවතා ඇත්තේ මැති ඇමැතිවරු, අමාත්‍යංශ ලේකම්වරු, සහ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ගෙන ගොස් භාර දුන් වාහන බව හිටපු අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.

එම වාහන ඔවුන් නිල වශයෙන් භාර දිය යුතු බවත් සිය නිවෙස්වල තබාගත නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

එලෙස නෛතික ලෙස භාර දුන් වාහන පෙන්වා ජනතාව නොමග හැරීමට උත්සාහ කිරීම පත්වූ රජයට නොගැලපෙන බව හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

කිසිවෙකු වාහන මහමග අතැර ගොස් නොමැති බවත් ජනාධිපති මන්දිරය අසල නවතා ඇත්තේ ඒවා නවතා තැබීමට ඇතුළත ඉඩකඩ නොමැති නිසා බවත් දිළුම් අමුණුගම පෙන්වා දෙයි.

පසුගිය රජය සමයේ අවභාවිත කළ වාහන විශාල ප්‍රමාණයක් ගාලු මුවදොර අසල නතර කොට දමා ඇති බවට පැතිර යන කතා පිළිබඳ මාධ්‍ය විමසූ අවස්ථාවේ ඔහු මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: