hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2024 පෙබරවාරි 06, ප.ව. 12:54



සිය පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් සිටින අවස්ථාවක ජනාධිපතිවරයා සිටින වේදිකාවකට ගොඩවිම අවාසි සහගත බව සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ගයන්ත කරුණාතිලක මහතාට විරුද්ධව දොස් නගමින් සිටින බව වාර්තා වෙනවා.

ඊට අමතරව සජබ නායකත්වය හෑල්ලුවට ලක්කරමින් නිතරම අදහස් දක්වන හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ වැඩසටහනකට සම්බන්ධ වීම ගැනද එම මන්ත්‍රීවරුන් විරෝධය දක්වා තිබෙනවා.

නිල ආරාධනයක් වුවද මේ අවස්ථාවේ ඊට සහභාගී නොවිය යුතුව තිබුණේ යැයිද ඔවුන් සගබ ජේෂ්ඨයින් පිරිසක් ඇහුවේ අවධාරණය කර ඇති බවද දැන ගන්නට ඇත.

අදාල මන්ත්‍රී පිරිස මෙසේ දොස් නගා ඇත්තේ ඊයේ පස්වරුවේ දඹුල්ලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සයකට ගයන්ත කරුණාතිලක මහතාද එක්වී තිබීම පිළිබඳවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: