2022 නොවැම්‍බර් 16, පෙ.ව. 8:16
 
            
ශ්‍රී ලංකාව තුළ මුල් බැසගෙන ඇති මහා පරිමාණ දූෂණ වලක්වාලීම සඳහා පුළුල් ක්‍රියාන්විතයකට යොමුවීමට කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබෙනවා.
ඒ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මූලික වෙමින්.
ඒ සඳහා වන සැලසුම් මේ දිනවල දී සිදුකරමින් පවතින අතර මේ වන විටත් ඒ සඳහා ඉදිරි පෙළ කමිටුවක් නම් කර ඇතැයි වාර්තා වනවා.
එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියයි.
එහි ප්‍රථම පියවර ලෙස දූෂණ විරෝධී පනතට නව යෝජනා ඉදිරිපත් කරමින් එම යෝජනා ක්‍රියාත්මක කරවීම සඳහා දැනටමත් රජයේ අවධානයට යොමු කර ඇති අතර දූෂණ චෝදනා බහුල ලෙස එල්ලවෙමින් පවතින ආයතන දෙකක් ඉලක්ක කරගෙන ක්‍රියාකාරී සැලස්මක් ද සකස් කර තිබෙනවා.
ඒ සමගම මෑත යුගයේ රට තුළ සිදු වූ මහා පරිමාණ දූෂණ සිදුවීම් දහයක් ඉලක්ක කරගනිමින් ඒ පිළිබද ගවේෂණාත්මක හෙළිදරව්වක් කරමින් අදාළ වගකිවයුත්තන්ට නඩු පැවරීමට ද සූදානමක් පවතිනවා.
ඒ සියලු සැලසුම් හා ක්‍රියාමාර්ග දෙසැම්බර් මස මුල් දින කිහිපය තුළ රටට හෙළිදරව් කිරීමට කරු ජයසූරිය මහතා අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
03-09-24
 
                                            03-09-24
26-04-24
 
                                            26-04-24
23-02-24
 
                                            23-02-24
15-02-24
 
                                            15-02-24
13-02-24
 
                                            13-02-24
07-02-24
 
                                            07-02-24
24-01-24
 
                                            24-01-24
16-01-24
 
                                            16-01-24
09-01-24
 
                                            09-01-24
06-12-23
 
                                            06-12-23
22-11-23
 
                                            22-11-23
13-11-23
 
                                            13-11-23