hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 15, පෙ.ව. 12:06



සුදුසු පුද්ගලයෝ දේශපාලනයෙන් ඉවත් වෙද්දී නුසුදුසු පුද්ගලයෝ බදාගෙන සිටීම කනගාටුවට කරුණක් බව  මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක  අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පැවසූවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මහතා ඊයේ (14) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ නාහිමියෝ ඉහත අදහස් පළ කළා. 

අද ජනතාවට කිසිම රැකවරණයක් නැහැ. හැම පැත්තෙන්ම පීඩාවට පත්වෙලා ඉන්නවා දේශපාලඥයෝ සැමට ප්‍රථමයෙන් කළ යුත්තේ රටේ ජනතාවගේ ගැටලු විසඳීමයි. හැම බරක්ම අද ජනතාවගේ මතම පැටවිලා. දේශපාලනඥයෝ සියල්ලට ප්‍රථමයෙන් කල යුත්තේ ජනතාවගේ විසඳීමයි යනුවෙන්ද උන්වහන්සේ පවසා සිටියහ. නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළේ ඉමිටියාස් බාකිර් මහතා වැන්නන් වචනයේ අර්ථ පරිසමාප්තයෙන්ම දේශපාලඥයෝ වූවද මෙරට බහුතර දේශපාලනඥයන්ගේ  සදාචාරාත්මක දේශපාලනයක් දක්නට නොලැබෙන බවය.

මෙහිදී අදහස් පළ කළ ඉමිටියස් බාකීර් මහතා මෙසේ සඳහන් කළා.

මා විසින් සිංහල බසින් රචිත මගේ චරිතාපදානය ලබන මස 05 දින කොළඹදී එළිදැක්වෙනවා. ඊට ප්‍රථම එය මල්වතු අස්ගිරි මහානාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත ප්‍රදානය කොට ආශිර්වාද ලබා ගැනීම සඳහා අද මහනුවරට පැමිණියා. අද මේ රටේ දේශපාලන  තත්ත්වය ඉතාමත් අවිනිශ්චිතයි. අද මේ රට හැම පැත්තෙන්ම අවුල් වෙලා තියෙන්නෙ. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. විදේශ ප්‍රතිපත්ති ඉතාමත් කණගාටුදායක තත්ත්වයක තියෙන්නෙ. ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. මේ නිසා අපේ රටේ තියෙන දුර්වලභාවය අස්ථාවරභාවයට මුවාවෙමින් රට ගිලගන්න  බාහිර බලවේග  ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ දාන්න  රජය තව තවත් තීරණ ගත්තොත්  ජාත්‍යන්තර තලයේ අපේ රට  හුදකලා වූ රටක් බවට පත්වෙනවා. මේ කණගාටුදායක තත්ත්වයෙන් මිදෙන්න කටයුතු කළ යුතුයි. නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි.                                                          

ජාතික සමගි බලවේගය අභ්‍යන්තරයේ ප්‍රශ්න තියෙන බව අපි පිළිගන්නවා. නමුත් මේ ගැටළු වලට අභ්‍යන්තර බුද්ධිමත් සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග විසඳුම් ගන්නවා විනා එළියේ විවේචනය කිරීමෙන් අපිට එරෙහි බලවේග  තව තවත් ශක්තිමත් වීම විතරයි වෙන්නෙ. මේ දේශපාලඥයෝ පරිණත විය යුතුයි. එළියේ ගිහින් කියන මේ කතා මමනම් පිළිගන්නේ නෑ. ඒක ඉතාමත් වැරදියි. ඕනෑම ගැටළුවක් ඇතුලේ කතාබහ කරගෙන විසඳුමකට එන්න පුළුවන් යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් කීය. පක්ෂයේ අභ්‍යන්තර ගැටලු එළියට දීම නම් කිසිසේත් අනුමත කරන්න බෑ. ඒකෙන් තේරෙන්නේ මේ අයට දේශපාලන පරණතභාවයක් නොමැති බවයි යනුවෙන්ද ඒ මහතා සඳහන් කළා.

ඉමිටියාස් බාකිර් මහතා අස්ගිරි විහාරයේදී අස්ගිරි මහා නා හිමි මෙන්ම ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන්ට බෑ දැක ආශිර්වාද ලබාගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: