2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:10
රාජ්‍ය සේවය අපේ රටේ ආකර්ෂණීය වෘත්තීයක් බවට පත් කළ යුතුව තිබෙන බවත් ඒ වෙනුවෙන් 2025 වසර, 2026 වසරවල වැටුප් වර්ධක ලබාදිමට කටයුතු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
පසුගිය වසරවල ලබාදුන් පරිදි එළඹෙන 2027 වසරේ ජනවාරී මාසයේදී තවත් අලුත් වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ රටේ ජනතාව තුළ රාජ්‍ය සේවය පිළිබඳ තිබෙන්නේ හොඳම අදහසක් නොවෙයි. යම් යම් නිලධාරීන් පිළිබඳව හොද අදහස් තිබෙන ගමන් පොදු රාජ්‍ය සේවය පිළිබඳව තිබෙන්නේ යම් බිඳවැටුණු අදහසක්.
ඒ නිසා ජනතාවට වගකියන, කාර්යක්ෂම සේවාවක් ලබාදෙන නූතන රාජ්‍ය සේවාවක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය වන සැලකිය යුතු ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා.
අපි උත්සාහ දරනවා තව වසරක් වැනි කෙටි කාලයක් තුළ රජය සමග සිදු කරන සියලු වැදගත් ගනුදෙනු නිවසේ සිට මාර්ගගතතාක්ෂණය ඔස්සේ ඉටුකරගත හැකි රාජ්‍ය සේවාවක් අපි ඇති කරනවා.
ඒ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයේ වැදගත් කඩඉමක්. ඒ වගේම රාජ්‍ය සේවය අපේ රටේ ආකර්ෂණීය වෘත්තීයක් බවට පත් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වනවිටත් 2025 වසර, 2026 වසරවල වැටුප් වර්ධක ලබා දුන්නා.
ලබන වසරේ ජනවාරී මාසයේදී අපි අලුත් වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරමින් තිබෙනවා. අපිට ඉතාමත් හොද රාජ්‍ය සේවයක් අවශ්‍යයි මේ රාජ්‍ය ගොඩනැගීමේදී.”
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26