2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:17
පරිප්පු, ළුණු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2026) මුල්මාස අට තුලදි වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 261.4 දක්වා සියයට 13.4කින් අඩුවි ඇති බැව් ශ්රි ලංකා මහ බැංකුව පවසයි.
ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි (ජන – අගෝස්තු) පරිප්පු, ළුණු, අර්තාපල්, රනිල් කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 301.8කි.
ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල්මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අට තුලදි මෙකි පාරිභෝගික ද්රව්ය ආනයනය කිරිම සදහා වැයකොට ඇති ආනයන වියදම සියයට 13.4කින් අඩුවි ඇත.
එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ දි මෙකි පාරිභෝගික ද්රව්ය ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 22.8ක් දක්වා සියයට 16.7කින් අඩුවි තිබුණි.
ඉකුත් වර්ෂයේ (2025) අගෝස්තු මාසයේ දි මෙම පාරිභෝගික ද්රව්ය ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 27.3කි.
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11