hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:08



රාජ්‍ය යාන්ත්‍රණය විශාල වශයෙන් දුර්වල වී ඇති බවත් ආණ්ඩුව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ක්ෂේත්‍රය දුර්වල ලෙස කටයුතු කරන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ යටිනුවර ප්‍රදේශයේ මල්ගම්මන වසමේ ජාතික ජන බලවේග කොට්ඨාස සභා පිහිටුවීමේ උත්සවයට සහභාගී වෙමින්.

ආණ්ඩුව මේ වන විට නිවැරැදි දිශානතියක ගමන් කරන නමුත් රාජ්‍ය යාන්ත්‍රණය සහ මහජනතාව එම නිවැරැදි දිශානතිය කෙරෙහි යොමු කරගත යුතුව ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා මහජනතාව ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලබා දුන් බවත් ඒ හේතුවෙන් පැවති අදූෂිත සහ අවිධිමත් දේශපාලන සංස්කෘතිය වෙනසකට ලක් වී ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.

විපක්ෂයේ සිටියදී නොතිබුනු රාජකාරි රැසක් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිතව ඇති බැවින් තමාව යම් හදිසි අවස්ථාවක සම්බන්ධ කර ගැනීමට අවශ්‍යනම් එය සිදු කරගත හැකි ආකාරයක්ද ලාක් කාන්ත අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ අනුව අදාළ කාරණාව සම්බන්ධයෙන් වට්ස්ඇප්(WhatsApp) සමාජ මාධ්‍ය හරහා හඬ පටියක් එවා තබන ලෙසත් එය තමාට විවේකයක් ලැබුණු අවස්ථාවක පරීක්ෂා කර බලන බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“අපේ රටේ රජය කියන ආයතනය විශාල වශයෙන් දුර්වලයි. ආණ්ඩුව හොදයි. මුදල් වෙන් කරනවා. ඒ වෙන් කරන මුදලට වැඩේ වෙන් නැත්තේ කොතනද? කොහෙද? රජය. අද මේ රටේ හදාගන්න තියන්නේ දැන් වෙනකොට රජය. ජනතාවත් හදාගන්න තියෙනවා. තාමත් මිනිස්සු රජයට බනිනවනේ. ඉතින් රජය හදනවා කියන්නේ මොකද්ද? යන්ත්‍ර සූත්‍ර නෑ. අපිව හම්බෙන්න කවුරුත් එන්නේ නෑ ජොබ් එකකට දාන්න කියන්න. ආවත් වැඩකුත් නෑ. එන්නත් එපා. ඇයි ඕගොල්ලෝ ඡන්දේ දුන්නේ මේවා වෙනස් කරපල්ලා කියලනේ. ඇමතියගේ ලිවුමට ඒවා වෙනස් කරපල්ලා කියලනේ දුන්නේ. දැන් අපි ළඟට ඇවිල්ලා හරියනවැයි ජොබ් ඉල්ලගෙන. එන්නෙත් නෑ හොඳ වෙලාවට කවුරුත්. 

දැන් ඕගොල්ලොන්ට ලාල් කාන්ත සහෝදරයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අපිට අසාධාරණයක් තියෙනවා. වට්ස්ඇප් කියලා එකක් තියෙනවනේ. ඒකට වොයිස් මැසේජ් එකක් තියන්න. මං වාහනේට නැග්ගට පස්සේ බලනවා. බලලා මං අවශ්‍ය පියවරේ ගන්නවා. විපක්ෂේ ඉන්න කාලේ කමක් නෑ. ප්‍රශ්නයක් නෑ. අනුන්ට බැණ බැණ ඉන්නනේ තියන්නේ එතකොට. වැඩි හරියක්. දැන් එහෙම නෙමේ අපි වැඩ කරන්න ඕනේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: