hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 11:10



බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමු සඳහා මෙතෙක් භාවිතා කරන ලද පසුතලය වෙනස් කර තිබෙනවා.

ඒ එම මාධ්‍ය හමුව පැවැත්වෙන ස්ථානයේ පසුතලයේ තිබෙන ඩිජිටල් දර්ශන තලයේ එම වෙනස් කම් සිදු කර තිබීම කාගේත් අවධානයට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ එම පසුතලයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතුන්වරුන්ගේ ඡායාරූප සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලංඡනය වන නෙලුම් පොහොට්ටුව සලකුණ විටින් විට මාරුවන දර්ශනයක් පැවතුණා.

නමුත් මේ වන විට කර ඇති එම ඩිජිටල් තීරයේ යාවත්කාලීනය අනුව එම සලකුණු වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ ලාංඡනය පමණක් මාරුවන ආකාරයට දර්ශනය කර තිබෙනව බව දක්නට ලැබෙනවා.

ඒ අනුව එම මූලස්ථානයේ මාධ්‍ය හමු පසුතලයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 18 වැනිදා සහ ඊට පෙර පැවැත්වූ මාධ්‍ය හමු කිහිපයක එම ඩිජිටල් තලයේ දර්ශනය වූයේ පොහොට්ටුවේ ලාංඡනය පමණයි.

නමුත් ඊයේ (25) පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී පොහොට්ටුවේ ලාංඡනයට අමතරව යළිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය එක් කර තිබෙන අයුරු දක්නට ලැබුණා.

ඊයේ (25) පැවැත්වූ මාධ්‍ය හමුවේ පසුතල දර්ශනය පහතින්,

පසුගිය 18 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුව