hit counter

2024 පෙබරවාරි මස 28 වන බදාදා

2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 9:04



පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා  පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසුවා.

පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලින් පසු 99%ක්  ගෙවල් වල අම්මලා මෙන්ම  දරුවන් ද අඬන්න පටන් ගත් බව කී මන්ත්‍රීවරයා පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර ලැබුණු බව ද සඳහන් කළා.

ලෝකයේ දියුණු රටවල තිබුණු ආකාරයට පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවද තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

බොහෝ දියුණු රටවල අට වසර දක්වා වාර විභාගයක් වත් නැතැයි ද දරුවන්ට වගේම මාපියන්ටත්  පහේ ශිෂ්‍යත්ව විභාගය විශාල බරක් යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

“ගරු කාරක සභා සභාපති තුමනි විශේෂයෙන්ම ඉතාමත් සතුටු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ වචන කිහිපයක් කතා කරන්න ලැබීම පිළිබඳව පෙන්වා දෙන කාරණයක් තමයි ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන විෂමතාවය. ගම නගරය වතුකරය ග්‍රාමීය ප්‍රදේශ ඒ වගේම නගරය තුලත් අධ්‍යාපනය විශාල විෂමතාවයක් තියෙනවා. ඒ නිසා තමයි පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳව විශාල තරගයක් තිබෙනවා. කොළඹ ජනප්‍රිය පාසල් වලට අනිත් ප්‍රදේශවල තිබෙන විෂමතාවය ඉවත් කිරීම සඳහා වි ජාතික වශයෙන් යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය බොහෝම පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම මම නියෝජනය කරන ප්‍රදේශයේ උතුරු මැද පළාතේ පොළොන්නරුවේත් විශාල ගුරු හිගයක් තිබෙනවා ගුරු හිගය අවම කිරිම සඳහා රජය යම්කිසි වැඩපිළිවෙළක් ගැනීම ඉතාමත්ම වැදගත් අවශ්‍යයි. අසරණ දරුවන් ඉන්න ප්‍රදේශ වල වල ගුරු හිගය නිසා ඉංග්‍රීසි, ගණිතය විද්‍යාව මේ ගුරුවරුන්ගේ තිබෙන හිගයත් බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙන. විශේෂයෙන් කළ යුතු දෙයක් තමයි 5 ශිෂ්‍යත්ව විභාගය. පහුගිය පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලින් පස්සේ දරුවෝ සීයට අනූ නමයක් ගෙවල්වලට ආවේ අඩාගෙන.

ශිෂ්‍යත්ව විභාගයේදි ලබුනෙ ලියන්න බැරි ප්‍රශ්න පත්තර කියල තමා දරුවො කිව්වෙ හැම තැනින්ම. රටේ හැම තැනින්ම පිළිබඳව විශාල විරොදයක් තිබුනා. මම ජනාධිපති දුරය දරන කලෙ උත්සාහකලා සංවර්ධනය වූ රටවල් දියුණු රටවල්වල තියෙන ආකාරයට මේ පහේ ශිෂ්‍යත්වය අහෝසි කල යුතුයි. අපේ යම් සමාජ මට්ටමේ පහළ මට්ටමේ ඉන්න ඇතැම් දෙමව්පියෝ ඒ දරුවන්ට බරපතළ විදියට හිරිහැර කරනවා. ළමයෙක් දැන් අවුරුදු දෙකකට කලින් සියදිවි නසා ගත්ත්තා. ළමයාට පයින් ගහනවා ගෙදරින් එළියට දාලා දොර වහලා තියෙනවා. ඒක නිසා මේ දෙමව්පියන්ට මේ පිළිබඳව තිබෙන ප්‍රශ්නය සහ දරුවන්ට විශාල බරක් පහේ ශිෂ්‍යත්ව.ය ලෝකයේ අධ්‍යාපන සංවර්ධන තත්ත්වයට පත් වූ තත්වයට පත් කරලා. පහේ ශිෂ්‍යත්වය අහෝසි කරලා ළමයින් එක් එක් ක්ෂේත්‍රවලට වර්ග කරල කලා විෂයන් කරන්නේ කවුද විද්‍යාව විෂයයන් කරන්නේ කවුද විදිහට අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරිම වැදගත්. අද දුෂ්කර ප්‍රදේශවල පොලොන්නරුව, හම්බන්තොට, මොනරාගල වගේ ප්‍රදේශවල පාසල් බස් රථ වල විශාල හිඟයක් තියෙනවා. පාසල් බස් රථය පිලිබද ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් කමිටුවක් පත් කරලා හෝ පාසල් බස්රථ හරියාකාරව කිරීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕන. සමහර වෙලාවට සතියකට දවසක් දෙකක් ළමයින්ට ඉස්කෝලේ යන්න පාසල් යන්න විදිහක් නැහැ.

ගුරු ශිෂ්‍ය විනය පිළිබඳව පාසල් වල ඇති වෙලා තිබෙන තත්ත්වය මානව හිමිකම් කතාවත් සමග ප්‍රධාන වශයෙන්ම ගුරුවරුන්ට ළමයෙකුට පුංචි දඬුවමක් කරන්න බැහැ.ඒ නිසා ශිෂ්‍යයින් සහ ගුරුවරු අතරේ තිබුණ ශික්ෂණය සම්බන්ධතාවය අවබෝධය ඒ වගේම අපි පාසල් යන කාලයේ ගුරුවරුන්ට අපි දක්වමු ගෞරවය. ඒ වගේම ගුරුවරයා දරුවන්ට පාසැලේ ශිෂ්‍යාවන්ට තිබූ ගෞරවය. පොලොන්නරුවේ ත්‍රෛභාෂා පාසල ඉන්දීය රජය යටතේ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා දුන්නේ.
අනිත් පැත්තෙන් කුසලතා වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි. කුසලතා වර්ධනය පිළිබඳව ප්‍රමුඛත්වයක් දීම දරුවන්ගේ හැකියාව කුසලතා නිර්මාණශීලී භාවය ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දීලා ළමයින්ට ඒ යන තමන්ගේ විෂය ක්ෂේත්‍ර සඳහා දරුවන් වීම ඉතාමත් වැදගත් වෙනවා. මේ තරඟකාරීත්වයෙන් දරුවා කුඩා කාලයේ සිටම කුසලතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු වීමෙන් මූලික වශයෙන්ම නායකත්වය, සන්නිවේදනය සහ මෘදු කුසලතා වර්ධනය අති වෙනවා. දරුවාට අනාගතයේදී හොඳ පුරවැසියෙක් වෙන්න කිරීමට අවශ්‍ය කුඩා කාලයේ සිටම දරුවාගේ කායික සංවර්ධනය ඉතාමත් වැදගත්. මානසික සංවර්ධනය පවුල් සංවර්ධනය පෞරුෂ සංවර්ධනය සඳහා අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි.

ශිෂ්‍යත්ව විභාගය අවලංගු කිරීම තමා සුදුසුයි. ලෝකයේ සංවර්ධනය වූ රටවල් වල අටේ පන්තියට යනතෙක් සමහර රටවල්වල වාර විභාග නැ. සාමාන්‍ය පෙළින් අධ්‍යාපනයෙන් අසමත් වෙන දරුවන්ට විධිමත් වෘත්තීය අධ්‍යාපනය අධ්‍යාපනයක් ලබා දීම, විශේෂයෙන්ම පාසල සම්බන්ධ කරන්න වෘත්තීය පුහුණු ආයතනය කාර්මික විද්‍යාල එක්ක එතකොට උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් වෙන දරුවෝ මෙතනින් වෘත්තිය පුහුණු ක්ෂේත්‍ර වලට යන්න පුළුවන්කම තිබෙනවා. කලා උපාදි සඳහා වූ අධ්‍යාපනය නගා නගා සිටුවීම කළ යුතුයි. ඒ වගේ මනෝ උපදේශන ක්ෂේත්‍රය වඩාත් විදිමත් කිරීම අවශ්‍යයි දරුවන්ගේ අනාගතය සඳහා. අධීක්ෂණයට යටත්ව වෘත්තියක් ලෙස ස්ථාපිත කළ යුතු වෙනවා ජාතික පාසල් 1000 වැඩසටහනක් තිබුණා. ජාතික පාසල් කළාට ක්‍රීඩා පිටියක් නෑ විද්‍යාගාරයක් නැහැ. පූල් එකක් නැහැ. පුස්තකාලයක් නැහැ. ඒ නිසා එවා බොඩ් විතරයි.”