2023 පෙබරවාරි 12, පෙ.ව. 9:41
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් සාකච්ඡා ආරම්භ කර ඇතැයි අප මීට පෙර වාර්තා කළා.
එම ආරංචිය පිළිබඳ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කර තිබෙනවා.
ඒ සති අන්ත ජාතික පුවත්පතකට අදහස් පළ කරමින්.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් පක්ෂ නායකයෙක් මෙන්ම එම පක්ෂයට සම්බන්ධ දේශපාලන පෙරමුණේ ප්‍රධානියා ද බවයි.
එබැවින් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බව ඔහු අවධාරණය කළා.
ඒ කෙසේ වෙතත් වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉතා හොඳින් තමන්ගේ රාජකාරිය ඉටු කරන බවද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.
ඔහු තනතුරින් ඉවත් කිරීමට කිසිදු හේතුවක් නැතැයි ද හෙතෙම සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
29-04-25
29-04-25
27-04-25
27-04-25
26-04-25
26-04-25
23-04-25
23-04-25
20-04-25
20-04-25
19-04-25
19-04-25