2022 මැයි 11, ප.ව. 3:02
ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනාගෝගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ජනතාව කුපිත වුණා.
එලෙස සහය දැක්වීමට පැමිණි පුද්ගලයන් සොය සොයා පහර දීමටත් ඔවුන් පැමිණි බස් විනාශ කිරීමටත් ජනතාව පෙළඹුණේ ඔවුන් සිදු කළ සාමකාමී අරගලයට කළ පහර දීම හේතුවෙන්.
එමෙන්ම ‘ගෝඨා ගෝ ගම’ට පහර දීම ලද සැණින් දස දෙසින් ජනයා සහය දැක්වීමට ඒකරාශී වුණා.
කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් රැසකගේ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර තිබුණා.
හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි, රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අරුන්දික ප්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, අලි සබි්ර රහීම්, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්රිය හේරත්, රාජිකා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩි වීරසිංහ, අනුප පැස්කුවල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට ජනතාව පහරදී ගිනි තබා විනාශ කර තිබුණා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39