hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ජූලි 07, පෙ.ව. 12:04



පක්ෂ බෙදා වෙන්කොට අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙසේ පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතුබවත් පක්ෂ බෙදීම නිසා සිදුවන්නෙ නියත මැතිවරණ පරාජයක් බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

තවද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද බෙදී යාමෙන් සීසීකඩ ගොස් ඇති බවද නාමල් රාජපක්ෂ පැවසුවා.

කල යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම බව නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: