hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 24, ප.ව. 5:31



අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිසක් මාත් එක්ක කතා කරලා වැඩක් නෑ.පක්ෂය තීන්දු කරන කෙනා තමයි අපේක්ශකයා නාමල් රාජපක්ෂ අද දින පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ විජේරාම නිලනිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය මගින් මතුකල ප්‍රශ්න වලට පිලිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

අද දින මැතිවරණ කමිටු පිහිටු වීම , කාර්යාල දැමීම , කැන්වසින් යාමට පටන් ගැනීම වැනි දෑ ගැන සාකච්ඡා කලා. අද දින පොහොට්ටුවේ අපේක්ෂකයා පිලිබඳව සාකච්ඡා කලේ නැහැ. ඒ පිලිබඳව සාකච්ඡා කල යුතු වන්නේ දේශපාලන මණ්ඩලයයි. මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කලාට පසු අපිට ගැලපෙන රටට ගැලපෙන අපේක්ෂකයකු අපි තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනෙක් විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුල අපේ පක්ෂයට තිබෙන නැන පිලිබඳව අපි තීරණය කල යුතු වෙනවා. අපි එල්ලිලා දේශපාලනය කරන්න කැමති නැහැ. වර්ථමාන ජනාධිපතිතුමා ගැන සමහරු ඉරක් ඇදගෙන ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා එක්ක ගමන යනවා. අපි තීන්දු ගන්නේ පක්ෂයක් විදිහට මිසක් පෞද්ගලිකව නොවෙයි. ඒ නිසා අපි පෞද්ගලිකව ඉරි ඇදගන්නේ නැහැ. පක්ෂයක් විදිහට අපි තීන්දු තීරණ ගන්නවා. අපි හිතනවා ඒ අවස්ථාවේ දී පක්ෂය අපි වෙනුවෙන් හිට ගනී කියලා.

ජනාධිපතිතුමා සමඟ තිබුණ ආණ්ඩු පක්ෂයේ රැස්වීමට මම සහභාගී වුනේ නැහැ. කමිටු පත් කරනවා . අද නැහැ කියනවා. හෙට නැහැ කියනවා. ජනාධිපතිවරණ ගැසට්ටුව අද ගහනවා. හෙට ගහනවා කියලා කියනවා. ලබන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරවනවා කියලා ප්‍රචාරයක් යනවා . ඒ වගේ කටකතා ප්‍රචාරය වෙනවා. අපි කටකතා විශ්වාස කල යුතු නැහැ. අපි විශ්වාස කල යුතු වන්නේ මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශයයි. ඉදිරියට ඒමට නියමිත වන්නේ ජනාධිපතිවරණයයි. අපි ඒකට සූදානම් විය යුතුයි.

ප්‍රශ්ණය – නාමල් මන්ත්‍රීතුමනි , ඔබතුමාට අගමැතිකම දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් කථා කලාද ?

පිලිතුර – අගමැතිකම දෙන්න පුද්ගලයින්ට කථා කරලා වැඩක් නැහැ. ඒකට පක්ෂය සමඟ තමයි කථා කරන්න ඕනේ. පොහොට්ටුවෙන් අගමැතිවරයෙක් පත් කර ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කල යුතු වෙනවා. මම පැහැදිලිව කියනවා මම පුද්ගලයින් හම්බ වෙලා සාකච්ඡා කරන්නේ නැහැ. මගේ පියා මට උගන්වලා තියන දේශපාලන තමයි පක්ෂ එක්ක සාකච්ඡා කරන්න කියලා . මම අදටත් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියයි. ඒ නිසා අපි සාකච්ඡා කරනවානම් පක්ෂ සමඟ තමයි සාකච්ඡා කරන්නේ. පුද්ගලයින් හමුවෙලා අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ නැහැ. .

ප්‍රශ්ණය – ඔබතුමාට අගමැතිකම දුන්නොත් භාර ගැනීමට සූදානම් ද ?

පිලිතුර – අපි එලියෙන් අපේක්ෂයකු ගේනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පක්ෂයෙන් අපේක්ෂයකු ඉදිරිපත් කරනවා නම් දේශපාලන මණ්ඩලය එම තීන්දු තීරණ ගනීවි. එම තීන්දු තීරණ පුද්ලගලයන් ගත යුතු නොවෙයි.

අපේක්ෂයකු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුනගේ බෙදීම මම දන්නේ නැහැ. නමුත් අපේක්ෂකයෝ වැඩි නිසා මත බොහෝමයක් තිබෙනවා. කලින් එක්කෙනෙක්වත් නැහැ කියලා කිව්වේ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා. ධම්මික පෙරේරා මහතාත් අපේක්ෂක ලයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම කැබිනට් එකේ අය ඉන්නවා . ව්‍යවසායකයොත් ඉන්නවා. මේ කැබිනට් එකේ ජනාධිපතිතුමා සමඟ තව එක්කෙනෙක් ඉන්නවා.

අපි ගන්න ඕනේ රනිල් මහත්තයාට හොද තීන්දුවවත් නාමල් රාජපක්ෂට හොද තීන්දුවවත් නොවෙයි. අපේ පක්ෂය ආරක්ෂා කිරීම වගේම , අපේ පාක්ෂිකයින් ආරක්ෂා කිරීම වගේම රටට හොද තීන්දුව තමයි අපි ගත යුත්තේ . අපි නැකත බලලා අපේ අපේක්ෂකයා ගැන කියන්නම්.