2022 ඔක්‍තෝබර් 20, ප.ව. 5:34
 
            
ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (19) මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ මෙරට ව්‍යවසායකත්වය සදහා පවතින බාධක ඉවත්කොට නව ප්‍රතිපත්තිමය රාමුවක් කඩිනමින් සැකසීම සදහා සියලු අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් සති දෙකක් තුළ මූලික සාකච්ඡාවක් සංවිධානය කරන ලෙසයි.
ව්‍යවසායක් මෙරට ආරම්භ කිරීම මේවන සංකීර්ණ ක්‍රියාවලියක් වී ඇති බැවින් දියුණු රටවල මෙන් එය ඉතා සරල සහ පහසු කාර්යක් ලෙස සකස් වීමට ප්‍රතිපත්තිමය රාමුවක් සකස් විය යුතු බවද අනුකමිටුවේදී අවධාරණය කෙරුණා.
ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් මෙම ක්‍රියාවලිය වඩාත් පහසුවෙන් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය නෛතික සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් මීළග කමිටු රැස්වීමේදී සාකච්ඡාකොට තීරණය කිරීමට ද අනුකමිටුවේ එකඟත්වය පළ වී තිබෙනවා.
ව්‍යවසායකත්වය හා ආයෝජන දිරිමත් කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබද සාකච්ඡා කිරීම සදහා මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවට ඊයේ (19) කැදවා තිබූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දී තිබෙනවා.
ව්‍යවසායකත්වය ඇතුළු වෘත්තිය මාර්ගෝපදේශනය මෙරට සිසු දරු දැරියන්ට හිමිවිය යුතු අයිතියක් බැවින් මෙරට පාසැල් අධ්‍යාපන පද්ධතියට එය ඇතුළත් වන ලෙස අධ්‍යාපන ප්‍රතිපත්තීන් වෙනස් විය යුතු බව මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය මෙහිදී පෙන්වා දුන්නා.
මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට අධ්‍යාපනය, රැකියාවක් හෝ කිසිදු පුහුණුවක් නොමැති තරුණ පිරිස ( Not in Employment, Education, Training / NEET) ලක්ෂ 8 කට ආසන්න බවත් වෘත්තීය අරමුණක්ද නොමැති ඔවුන්ට ව්‍යවසායකත්වය ඇතුලු වෘත්තීය මගපෙන්වීමක් අත්‍යවශ්‍ය බවත් ඇය පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන්ම දියුණුවට පත්වූ ව්‍යවසායකයන් පිළිබද චරිතාපදාන ආදියද මෙරට අධ්‍යාපන විෂය නිර්දේශයන්ට ඇතුළත් විය යුතු බවත් පාසැල් අවධියේ සිටම සාම්ප්‍රදායික රැකියාවන්ගෙන් ඔබ්බට ගිය නව වෘත්තීය අවස්ථා සහ ව්‍යවසායකත්වය පිළිබද දරුවන් දැනුවත් කළ යුතු බවත් කමිටුවේදී සාකච්ඡා වී තිබෙනවා.
මේ අනුව 9 ශ්‍රේණියේ සිට හෝ තමන්ගේ හැකියාව සහ කැමැත්ත මත අදාළ වෘත්තිය ක්ෂේත්‍රයක් තෝරා ගැනීම පිණිස නිසි මගපෙන්වීම සදහා අධ්‍යාපන ප්‍රතිපත්තීන් සකස් විය යුතු බවද ඊට අදාළ යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කොට ප්‍රතිපත්ති සකස් කරන ලෙසද කමිටුව විසින් උපදෙස් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
25-10-25
 
                                            25-10-25
25-10-25
 
                                            25-10-25
24-10-25
 
                                            24-10-25
24-10-25
 
                                            24-10-25