hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 මාර්තු 01, ප.ව. 1:24



පක්ෂනායක විශේෂ රැස්වීමක් අද (01) පස්වරු 01.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස මැතිවරණ කොමිෂන්  සභාව කතානායකවරයාගෙන් කළ ඉල්ලීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.

මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් සමඟ ඊයේ  සාකච්ඡා කළේය. එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: