hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 02, ප.ව. 2:31



පොලිස්පතිවරයා ලෙස සීඩී වික්‍රමරත්න මහතාගේ නම යළිත් වතාවක් ව්‍යවස්ථා දායක සභාවට පැමිණියහොත් එය වර්ජනය කිරීමට විපක්ෂයේ නියෝජිතයින් සුදානම්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා වික්‍රමරත්න මහතාට ලබා දී තිබූ සති තුනක සේවා දිගුව අද දිනයෙන් අවසන් වීමට නියමිතයි.

නමුත් මේ වන තුරුත් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අදාල යෝජනා ඉදිරිපත් වී නැති බව ද වාර්තා වෙනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතාට පොලිස්පති ධූරයෙන් විශ‍්‍රාම යාමෙන් පසුව අවස්ථා තුනකදී සේවා දිගු ලබා දී තිබෙනවා.

වික‍්‍රමරත්න මහතාගේ අවසාන සේවා දිගුව ව්‍යවස්ථා දායක සභාව ප්‍රතික්ෂේප කලද පසුව ජනාධිපතිවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව එම සේවා දිගුව ලබා දීමට කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: