hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2024 ජූනි 15, ප.ව. 12:59



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21 වැනි සියවසේ ආර්ථිකය සම්බන්ධයෙන් පන්ති පැවැත්විය යුතු බවත් ඩිජිටල් ආර්ථිකය දෙස අවධානය යොමුකර නවතම තාක්ෂණය යොදාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩු පාඩු කඩිනමින් නිවැරදි කර ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටින බව කිවයුතුයි. මෙම නව වැඩසටහන එම වැඩපිළිවෙළට මනා දායකත්වයක් සපයනු ඇතියි. ශ්‍රීමත් ගැවින් මහතා මෙවන් වැඩපිළිවෙලක ඇති වැදගත්කම සහ එහි අරමුණු පිළිබඳ හොඳින් විස්තර කළා.කෙසේ නමුත්, නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් අපේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. නිසැකවම අපට එය කළ හැකි දෙයක් බව කිව යුතුයි

කොතරම් අඩුපාඩු තිබුණත් මට හිතෙන්නේ අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵළ ඉහළයි. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට අපේ සිතුම් පැතුම්වල පරිවර්තනයකුත් අවශ්‍ය වෙනවා. එය සැබැවින්ම අපට ළඟාකර ගතහැකි මෙවලමක්. අප දැන් ඉන්නේ එම අධ්‍යාපනයේ තුන්වැනි අදියරේ. ඒ ඩිජිටල්කරණය වූ අධ්‍යාපන පද්ධතියේ විවෘත වේදිකාවක් ඔස්සේ දැනුම භාවිත කිරීමයි.

අප ඩිජිටල් ආර්ථිකයක් දෙස අවධානය යොමුකරන අතරම නවතම තාක්ෂණය යොදාගන්නත් අප බලාපොරොත්තු වෙනවා. අප බුද්ධිය පාවිච්චි කර සිතුවොත් පමණයි ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න මගේ සමහර මිතුරන්ට එය අවශ්‍ය වෙනවා 21 වැනි සියවසේ ආර්ථිකය මොකක්ද කියලා හඳුනාගන්න. මම හිතන්නේ අපට ඔවුන් සඳහාත් පංතියක් සකස් කරන්න පුළුවන්.

පන්ති කාමර නොමැතිව සහ බිත්ති නොමැතිව පාසලෙන් පිටත වැඩි වැඩියෙන් ඉගෙනීමේ අවස්ථා සඳහා යොමු වීමට ඉදිරියේදී අපට සිදු වෙනවා. අද මේ ආරම්භ වන්නේ එම වැඩපිළිවෙළයි. පන්ති කාමර තුළ පවතින අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ අභියෝගය ද ජය ගැනීමටද මෙය අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

අපේ රටේ අධ්‍යාපනයේ විකාශය අදියර 03ක් යටතේ සිදු වී තිබෙනවා. පළමුව මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන මෙරටට පැමිණිමත් සමඟ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කෙරුණා. සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රහත් වීමට අසමත් වූවන් ඇළ මාර්ග, දාගැබ්, සීගිරිය සහ අප සතු අනෙකුත් ගොඩනැගිලි මෙන්ම සෞඛ්‍ය පද්ධතිය සැලසුම් කිරීමට කාලය ගත කළ බවයි.”

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් දියත් කිරීම වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: