hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2024 ජූනි 03, ප.ව. 3:27



අද කොළඹ (03) පැවති විරෝධතාවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු යෑම අත්‍යවශ්‍ය නොවන බවයි.

රට ගැන සිතා තමන්වහන්සේ ඇතුළු පිරිස ගෙන ආ කාබනික ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ හීනෙන් බයවී මෙන් ක්‍රියාත්මක කිරීමට යෑමෙන් එහි සංකල්පය පවා දූෂණය වී ගිය බව මෙහිදී උන්වහන්සේ සඳහන් කළා.

එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ දැනටත් ක්‍රියාත්මක කරන්නේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහනට අනුව සියල්ල විකුණා දැමීම බවත් රතන හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.