hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 26, ප.ව. 12:09



පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද ලක්ෂ 65ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට ගමන් කිරීමට හැකිවන බව පෙනෙන්නේ යැයිද හිටපු මන්ත්‍රී එස්.බී දිසානායක සදහන් කරයි.

ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට එළඹෙන මහ මැතිවරණයේදී වාසි වැඩි බවත් එම වාසිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බවද සදහන් කරයි.

කෙසේ වෙතත් රටේ ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරග කලහොත් ශක්තිමත් විපක්ෂයක් හදාගන්නට පුළුවන්කම තිබෙන බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි.

කොළඹදී මාධ්‍යය හමුවේ ප්‍රකාශයක් කරමින් හිටපු මන්ත්‍රී එස්.බී දිසානායක මේ බව සදහන් කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: