hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:24



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව වැඩ කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට හැකියාව ඇති බව පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

කෙසේ වෙතත් මෙතෙක් එවන් බලාපොරොත්තුවක් නැති බව ද හෙතෙම එහිදී පැවසුවා.

ගාලුමුවදොර අරගල සමයේ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් අදහස් රැසක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් නමුත් ඒවා ක්‍රියාත්මක නොකිරීම නිසා එම ආණ්ඩුව අර්බුදයකට පත් වූ බවද ඔහු පැවසුවා.

අරගලකරුවන් ඉවත් කරන ක්‍රම මොනවාදැයි මාධ්‍යවේදියා විමසූ විට එස් බී දිසානායක මහතා කියා සිටියේ තමන් කිසිසේත්ම ඒවා නොකියන බවත් ඒවා රහස් බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: