hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 19, පෙ.ව. 6:55



ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා වෘත්තියෙන් නීතීඥවරයකු ලෙසද කටයුතු කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා පලමුව ගාල්ල නගරාධිපතිවරයා ලෙස පත් වුණා.

ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වී නැවතත් ගාලු දිස්ත්‍රික් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

ලයනල් ප්‍රේමසිරි මහතා 2004 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු අතර දේශපාලන මතගැටුම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ අතර ඉන් අනතුරුව ඒ මහතා 2007-2010 කාලයේ සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: