hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:02



රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබා දීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබෙනවා.

කෝපා සහ කෝප් කමිටුවල නියෝජිතයින් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ සාකච්ඡාවක් සිදු කළ බවත් එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි කෝපා කමිටුවේ සභාපතිධූරය විපක්ෂයට ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතයි.

අද පෙරවරු 11.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: