hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:04



පාර්ලිමේන්තු ලොබියේ ඇමති නලින් ප්‍රනාන්දු,නිමල් ලන්සා,නිමල් පියතිස්ස සහ මොහොමඩ් මුසම්මිල් සුහද කතාබහක නිරතව සිටින අවස්ථාවේ රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මියද පැමිණ තිබෙනවා.

මද වේලාවක් පිරිස ආගිය තොරතුරු කතාබහ කල අතර ගීතා සිනමා රස කතා කිහිපයක් කියන්නට පටන් ගත්තා.

ගීතා සිනමා රස කතා කියන්නට උපන් හපන් කමක් ඇති රංගන ශිල්පිනියකි.

මැති ඇමතිවරුන්ද ගිතාගෙන් බොහෝ රස කතා අසා දැනගෙන මහ හයියෙන් හිනා වෙන්නට පටන් ගෙන තිබෙනවා.

“ඕවා එකතු කරලා පොතක් ලියන්නකෝ ගීතා අක්කේ “මැති ඇමතිවරුන් පිරිස ගීතාට එහෙම යෝජාවකුත් කරලා.

ඇතැම් රස කතා ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්නට බැරි තරම් ඒවා වීමද විශේෂත්වයක්.