hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 අගෝස්‍තු 10, ප.ව. 1:36



ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්දව පාර්ශව කිහිපයක් අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ නඩු දෙකක් සියළු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් අද සමථයකට පත්කෙරිණි.

මේ සමගම මාස 11කට ආසන්න කාලයක සිට අර්බුදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකා පාපන්දුව යථා තත්වයට පත්වීමට සහ සියළු පාර්ශවයන්ට බාධාවකින් තොරව නිලවරණයකට ඉදිරිපත් වීමට මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.

එලඹෙන සැප්තැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට අනුමැතිය ලැබී තිබෙන අතර ඊට අදාල කටයුතු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය විසින් දැනටමත් සිදු කරමින් පවතිනවා.

මෙම නිලවරණයත් සමඟම සැප්තැම්බර් මස අවසානයේදී ජාත්‍යන්තර තහනම ඉවත්වී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සඳහා සහභාගී වීමට අවස්ථාව උදාවනු ඇති.