hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 27, පෙ.ව. 12:58



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අවසන් පූර්ව වටයේ තරගයේදී පාකිස්ථාන කාන්තා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබා තරගය ජය ගත්තා.

නායිකා චමරි අතපත්තු ලකුණු 63ක් ද,අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී හෙට තරග වදිනවාය.