hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 12, ප.ව. 5:26



ඇෆ්නිස්ථානය සමග පැවැත්වෙන තරග තුනකින් යුත් T20 තරගාවලිය සඳහා සහභාගි වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

වනිඳු හසරංග නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.

දුෂ්මන්ත චමීර එක්දින තරගයක් අතරතුර ආබාධයකට ලක් වීම නිසා ඔහුට T20 තරගාවලිය අහිමිව ගොස් තිබේ.

ඔහුගේ ස්ථානයට බිනුර ප්‍රනාන්දු ආදේශ කර තිබෙනවා.

නම් කළ ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතය – වනිඳු හසරංග,චරිත් අසලංක,පැතුම් නිශ්ශංක ,කුසල් මෙන්ඩිස්,ධනංජය ද සිල්වා ,කුසල් ජනිත් පෙරේරා,ඇන්⁣ජලෝ මැතිව්ස් ,දසුන් ශානක, මහීෂ් තීක්ෂණ ,බිනුර ප්‍රනාන්දු ,මතීෂ පතිරණ,ඩිල්ශාන් මධුශංක ,නුවන් තුෂාර, අකිල ධනංජය ,කමිදු මෙන්ඩිස් සහ සධිර සමරවික්‍රම.

දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය ලබන 17,19 සහ 21 යන දිනවලදි පැවැත්වීමට නියමිතය.

ඒ ප්‍රතිසංස්කරණ කිරීමෙන් අනතුරුව පසුගියදා යළි විවෘත කළ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.