hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 1:04



2023 ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියේ මූලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ ඔවුන් සහභාගී වූ තරග 8න් 6ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කියමින්.

මෙවන විට මූලික වටයේ තරග 8 අවසන් කර තිබෙන බී ලව් කැන්ඩි කණ්ඩායම එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ තරග 4ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 8ක් සමගින්.

මෙම කණ්ඩායම් දෙකම මෙවන විට අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගෙන අවසන්.

කෙසේ වෙතත් මූලික වටයේ අවසන් තරගයේදී අද ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සහ ශූද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් වටයට සුදුසුකම් ලබන ඉතිරි කණ්ඩායම තීරණය වනවා.

ඒ මේවන විට ජැෆ්නා කිංග්ස් ,කලම්බෝ ස්ට්‍රයිකස් සහ ගෝල් ටයිටන්ස් යන කණ්ඩායම තුනම තරග 3 බැගින් ජය ගෙන ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා තිබීම නිසයි.

LPL අවසන් වටය ( Playoff ) අනිද්දා ආරම්භ වීමට නියමිතයි.