hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 12, පෙ.ව. 11:27



ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියේ ගෝල් ටයිටන්ස් සමග පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කරන්නට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වෙයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 133ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 134ක් ලබා තරගය ජයගත්තා.

දඹුල්ල ජයග්‍රහණය පහසු කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 49කින් නොදැවී ලකුණු 70ක් ලබා ගත්තා.

මෙම ජයත් සමගින් දඹුල්ල අවුරා කණ්ඩායම මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් වුණා.

ඒ තරග 6කට සහභාගී වී තරග 4ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියමින්.

පස්වැනි සහ අවසන් ස්ථානයට ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඇද වැටි තිබෙන අතර ඔවුන් සහභාගී වූ තරග 6න් ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණයි.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැති මෙම තරගයේ තණ තීරුව දගපන්දු යවන්නට වැඩි වාසි ගෙන දුන්නත්, ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඊයේ මෙම තරගයට එක්වුණේ කණ්ඩායමේ 11 දෙනා අතරට ප්‍රධාන දගපන්දු යවන්නෙකු නොමැතිව වීම කැපී පෙනුනා.

ඒ අකිල ධනංජය සහ දකුණු අප්‍රිකාවේ තබ්‍රේස් ශම්සි ද විවේකගන්වමින්.

තුන් ඉරියව් දගපන්දු යැවිය හැකි ශකීබ් අල් හසන් පමණක් මෙම තරගයට ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුණා.