hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 10:40



ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපන්දු සංගමය කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් එළැඹෙන ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සහ වත්මන් ශ්‍රී ලංකා පාපන්දුවේ කඩා වැටිමට හේතු පැහැදිලි කළා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු පරිපාලකයින් පාපන්දු ක්‍රීඩාව විනාශ කර ඇති බැවින් පාපන්දු ප්‍රවීණයන් එකව නව සභාපතිවරයෙක් පත්කර ගැනීමට කටයුතු කරන බව ප්‍රවීණයන්ගේ පාපන්දු සංගමයේ හිටපු සභාපති තිලක් පීරිස් මහතා පවසනවා.

“ අපි දන්නවා අපිට පේනවා ශ්‍රී ලංකාවේ පාපන්දු ඇවිල්ලා එන්න එන්න පහත් වේගෙන ගියා.. මට මතක විදිහට WORLD RANKING තිබුණේ 125ක් වගේ.. ඊට පස්සේ 70 වුණා.. දැන් ඇවිල්ලා 200 පැනලා යන්නේ.. ඉතිං ආයිත් පැනලා යන්න තැනක් නැහැ.. අපි හිතුවා මොකක්ද මේකට කරන්නේ කියලා.. පාපන්දුව පාලනය කරපු මෙච්චරකල්.. දැනට ඇවුරුදු 20ක් පාලනය කර ගෙන ගිය උදවිය පාපන්දුව ගැන කිසිම සැලකිල්ලක් වෙලා නැහැ.. ඒක බය නැතිව කියන්න පුළුවන්. අපි ඒගොල්ලන්ටත් කතා කළා මේක මොකක් හරි කරන්න අවශ්‍යයි කියලා.. හා හා කිව්වා එච්චරයි කරන්නේ..

සුනිල් පෙරේරා – හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ප්‍රවීණ පාපන්දු ක්‍රීඩක

“ ‌ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා ජස්වර් උමාර් මහත්තයා.. වර්තමානයේ සභාපතිව ඉඳලා මේ ජනවාරි මාසයේ එයාව අයින් කරලා ශ්‍රී රංගා කියලා මහත්තයෙක්ව පත්කර ගත්තා.. ඒ මහත්තයව පත්කරලා මම හිතන්නේ නැහැ සුමානයක්වත් වැඩ කරන්න හම්බවුණේ නැහැ.. නඩු දාාල.. ඒ කණ්ඩායම ගෙනල්ලා එයාව අත්අඩංගුවට පත්කරලා තිබුණා.. මම දන්නා ඒ මහත්තයා තාම අත්අඩංගුවේ ඉන්නවාද නැද්ද කියලා.. ඒ මහත්තයා ඇවිල්ලා කිව්වා හොරකම නවත්තනවා කියලා පාපන්දුවේ.. ඒක ඒගොල්ලන්නට වැදුණා.. ඒ ගොල්ලෝ එතකොට ලේකම් හැටියට පත්වෙච්ච පුද්ගලයාට කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා..
අපි අදටත් කියන්නේ පාපන්දු සම්මේලනයේ ඉන්න අයට සහ ක්‍රීඩාවන්ට සම්බන්ධ අයගේ වත්කම් බැරකම් ඒ ගොල්ලෝ භාරගන්න අවස්ථාවේදී ප්‍රකාශ කරන්න නීතිමගින් කටයුතු කරනවා නම් ක්‍රීඩා අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරනවා.. එතකොට ඒ ගොල්ලෝ වර්ෂයක් පාසා ඒගොල්ලන්ගේ වත්කම් ප්‍රකාශ කරන්න අවශ්‍යයි ඔය රජයේ සේවකයින් වගේ..
ජස්වර් උමාර් මහත්තයා දැන් නඩු පවරලා ආපහු බලය පවර ගන්න එයාගේ පුද්ගලික බූදලයක් හැටියට පාපන්දු සම්මේලනය කර ගෙන යන්න තමයි උත්සාහ කරන්නේ.. එයා ගාව තියෙනවා BMW කාර් එකක්… FOOTBALL FEDERATION එකේ වැඩ කරලා BMW එකක් ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් අපි හිතයි එහෙම කියන මනුස්සයට පිස්සු කියලා.. එකේ රෙජිස්ට්‍රේෂන් එක බැලුවාම නෝනා මහත්තයෙක්නේ නමට තියෙන්නේ.. බැලුවාම ඒ නෝනා මහත්තයා ජස්වර් මහත්තයාගේ බිරිඳ..”

සී.චන්ද්‍රසිරි – ප්‍රවීණ ජාතික ක්‍රීඩක

“අපිට දැන් හොඳ නායකයෙක් අවශ්‍යයි මේ පාපන්දුව බේරගන්න.. අපිට දැන් ඒ නායකයා ලැබිලා තියෙනවා..රජ තුන් කට්ටුව එකතු වුණේ ඒ නිසයි.. එඬේරා දිහා බලලා තමයි රජතුන් කට්ටුව එකතු වෙලා දැන් වෙන වෙනම කාපු කේක් එක දැන් තුන්දෙනා එකතු වෙලා කන්න යන්නේ.. අපි මේ ප්‍රවීණයින්ගේ සංගමය හැටියට ඔහුව ඉදිරිපත් කරලා ඔහු පසුපස අපිත් මේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා.. ඔහු අවුරුදු 16ක හොඳ පළපුරුද්දක් තියෙන පුද්ගලයෙක්.. අහසින් කඩා වැටුණු පුද්ගලයෙක් නෙමේ.. තිලංග ලක්ෂිත සුමතිපාල මහතා තමයි අපි පත් කරන්නේ..”