hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 12, ප.ව. 9:23



ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 54 වන ජාතික කැරම් තරගාවලිය පසුගියදා කොළඹ කැරම් සම්මේලනයේ ශාලාවේදී පැවැත්වුණා.

කාන්තා හා පිරිමි 600කට වැඩි තරගකරුවන් පිරිසක් මේ සඳහා සහභාගි වුණා.

මෙහි පිරිමි ශූරතාවය සයිඩ් හිල්මි හිමිකරගත්තා.

අනුශූරතාවය හිමිකර ගත්තේ අනාශ් අහමඩ්.

ලෝක ශූර සහ වසර ගණනාවක් ජාතික කැරම් ශූරයා වූ නිශාන්ත ප්‍රනාන්දු හිමිවූයේ මෙවර තුන්වෙනි ස්ථානයයි.

මෙහි කාන්තා ශූරතාවය නිවන්තිකා සජීවනී හිමි කරගත්තා.
අනුශූරතාවය හිමිකර ගත්තේ ලක්ෂිකා රසාංජලී.
තුන්වෙනි ස්ථානය හිමිවුණේ හිරුෂි මල්ශානිටයි.