2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 7:58
ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය හා පැවැතුණු තරගය කඩුලු 6කින් ශ්‍රී ලංකාව ජය ගත්තේය.
අබුඩාබිහිදී පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 5කට ලකුණු 139ක් ලබා ගත්තේය.
ජකර් අලි ලකුණු 41ක් ද, ශමීම් හුසේන් ලකුණු 42ක් රැස් කරන්නට සමත් විය.

වනිඳු හසරංග ලකුණු 25ට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.4ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබා තරගය ජය ගත්තා.

පැතුම් නිස්සංක ලකුණු 50ක් ද ,කමිල් මිශාර නොදැවී ලකුණු 46ක් ද ලබා ගත්තේය.
2026 මාර්තු 11, ප.ව. 11:52
2026 මාර්තු 10, ප.ව. 12:53
2026 මාර්තු 09, පෙ.ව. 1:22
2026 මාර්තු 08, ප.ව. 5:32
2026 මාර්තු 07, පෙ.ව. 11:51